Saturday, September 13, 2014

වැසි පිරිත් දේශනය අද නොවේ හෙටයි

මාස එකොලහකට පස්සේ blog එකට ගොඩවැදුනා... මටම කියලා බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් උනේ අද හවස ගිය වැඩසටහනක් නිසයි. ජාතික ලොතරැයි මණ්ඩලය අනුග්‍රහයෙන් පවස නිවන්නට යාල අභය භූමියේ වෙසෙන වන සතුන්ට ජලය ලබා දීමේ මහා පුණ්‍යකර්මය සිදුවුනා...

අඩුම තරමින් සතුනටවත් බීමට ජලය බිදක්වත් නොමැති තරම් යාල කතරගම ආශ්‍රිත ප්‍රෙද්ශවලට උදාවෙලා. එනිසා හෙට සිට පුරා තුන් දිනක් ලුණුගම්වෙහෙර ජලාශය අභියස සිට වැසි පිරිත් දේශණයක් පැවැත්වෙනවා....

මේ පණිවිඩය දෙන ගමන් මම කියන්න හදන්නේ වෙනමම අදහසක්, වැසි පිරිත් කියනවා කියලා කිව්වත් මෙම පිරිතෙහ් අදහස කිසිවකුත් කිසිම දේශනයකින් අසා නොමැතිව ඇති. එසේනම් අවසරයි මෙහි තේරුම අරුත්ගන්වන්ට


සුභූතෝ ච මහාථේරෝ - මහාකායෝ මහෝදරෝ
නීලවණ්ණෝ මහාතේජෝ - පවස්සන්තු වලාහකා 

අභිත්ථනය පජ්ජුන්න - නිධිං කාකස්ස නාසය
කාකං සොකාය රනේධහි - මං ච සොකා පමෝචය
ඒතේන සච්චවජ්ජේන - සම්මා දේවෝ පවස්සතු

නිලවර්ණයෙන් පෙනෙන පවස නිවන වැසි වළාකුළු හරියට මහා කායකින් හෙබි සුභුතෝ ච නම් මහා තෙරුන්ගේ උදරය   වගෙයි. 

කපුටන්ගේ හොටෙන් ගැනීමට තරම්වත් දියබිදක් මේ මහාපොළව මත නොමැත. වැහිදෙවිය ගොරවමින් වසින්න. කපුටන්ව සොකයෙන් ගලවාගන්න. මාවද සෝකයෙන් ගලවාගන්න. මේ සත්‍ය වචනයෙන් යහපත් වැස්ස වසීවා......


සැකසුම:- ධනුෂ්ක කෞෂල්‍ය