Friday, September 7, 2012

ලෝක සිය දිවි නසා ගැනීමේ නිවාරණ දිනය

          අද මම කතා කරන්න යන්නේ වෙනස් ම විදිහේ මාතෘකාවක්, සිය දිවි නසා ගැනීම කවුරුත් දන්න භාෂාවෙන් (suicide) කරගැනීම, මෙම මස 10 වෙනි දින 10 වෙනි සංවත්සරය පැවැත්වෙනවා. මෙය සංවිධානය කරනු ලබන්නේ International Association for Suicide Prevention (IASP) විසිනුයි. බැලූ බැල්මට ඔබට ISP වගේ පෙනෙයි. වසර දහයක පර්යේෂණ මගින් මෙම සංවිධානය මගින් සිය දිවි නසා ගැනීම වලක්වා ගැනීම සදහා අධ්‍යාපනික ප්‍රචාරණයක් ගෙන යනු ලබනවා......

           අද ලොව පුරාම සිය දිවි නසා ගැනීමට නැඹුරුවූ චර්යාවන්  ඉතා විශාල වූ මහජන සෞඛ්‍ය තත්ත්වයක් බවට පත්ව ඇත. එය  සාමාන්‍යෙයන් අඛන්ඩව සිදුවන ඉතාම සංකීර්ණ වූ තත්ත්වයකි. ක්‍රම සම්පාදනය, ඒ වගේම අත්හදා බැලීමට අදාල වූ සිතුවිලි වර්ධනය වෙමින් පවතී. නමුත් අවසාන පුතිඵලය ඛේදාන්තයක්, ආසන්නවශයෙන් ලොවපුරා මිනිසුන් වසරකට මිලියනයක් සිය දිවි හානිකර ගනියි. මෙම ප්‍රමාණය සෑම තත්පර 40 කට එක් මරණයකට සමරූපී වෙයි. මෙම ප්‍රමාණය යුද්දයක් මගින් සිදුවන මරණ සංඛ්‍යාවට වඩා වැඩිය.  ලංකාව තුළ දිනකට මරණ 16 ක් පමණ සිදුවෙයි. එය වසරකට 5000 ඉක්මවයි. වර්ධන වේගය සියයට 60 කින් පමණ ඉහළ ගොසින් පුදුමයි නේද?

         වයස් සීමාව 15-19 අතර අය සිය දිවි හානිකර ගැනීමට වැඩි නැඹුරුතාවක් දක්වයි. ඒ වගේම 25 සිට 40 දක්වා වයස් ප්‍රමාණයේ අයත් යම් නැඹුරුතාවක් දක්වයි. ප්‍රශ්ණය වන්නේ ඒ ඇයිද යන්නයි. වර්තමාණයේ මුඵ සමාජයම මුදල් සෙවීමේ මහා රේස් එකකට වැටී ඇත. ආර්ථිකමය හේතූන් නිසායි මෙසේ සිදුවන්නේ. මිනිසුන් වහා කිපෙන සුඵයි. ඉවසීම බිංදුවට වැටී ඇති බවක් පෙනී යයි. අපේ රටේ මෙන්ම අන් රටවලත් මිනීමැරැම් වැඩිවි ඇත්තේ ඒ නිසා යැයි මට හැගේ. බහුතරයක් මරණවල නිධාන කථාව සීනිබෝල තත්ත්වයේ ඒවායි. යම් මොහොතක ඇතිවන වහා ආවේගකාරී ස්වභාවයන් හේතුවෙන් මිනීමැරුම් වගේම සිය දිවි නසා ගැනීම්ද සිදුවේ. බාල වයස්කරුවන්ගේ මරණ සංඛ්‍යාවට හේතුවන්නේ දරා ගැනීමේ හැකියාව නොමැති කමයි. මේ හේතුවට යම්තාක් දුරට දෙමව්පියන්ද වගකිව යුතුයැයි මට සිතේ. තේ එක, කෑම එක, උදේට අදින අඳුම පවා අතටම ලබාදෙයි. ඉල්ලන සෑම දෙයක්ම නොකා නොබි හරි සපයයි. මොවුන්ගේ දරාගැනිමේ ශක්තිය හීන වීමට ප්‍රධානම හේතුව මෙයයි.  පුංචිම හෝ දුකක් දරාගැනීමට නොහැකිව ජීවිතය නසා ගනී.

           මීට පෙර කාල වකවානුවල සිය දිවි නසා ගැනීම් පැවතුනේ දරාගැනීමට නොහැකි ශාරිරික වේදනාවන්, සුව නොවන රෝගාබාධ වැනි තත්ත්වයන් නිසායි. තවත් සමහරු විමුක්තිය වෙනුවෙන් මරාගෙන මැරෙයි. ඉල්ලීම් දිනාගැනීමට තම ජීවිතය පූජාකළ අවස්ථාද ඇත. පහළින් video එකක් දාන්නම් නොදැකපු අය බලන්න. වර්තමාණයේ ආදර සම්බන්ධතා බිඳවැටීම නිසා suicide කරගනියි. තත්ත්වය මෙසේ තිබියදිත් අපි බලා සිටින්නේ මන්ද? හෙට ලොව බිහිවන මතු පරම්පරාව මේ තත්ත්වයෙන් මුදවා ගැනීම අපගේ යුතුකමකි.



සැකසුම:- ධනුෂ්ක කෞෂල්‍ය