Saturday, February 18, 2012

නෙට්වර්ක් පන්තිය එකොලොස්වෙනි දවස (අන්තර්ජාලය යනු)


අර්ථදැක්වීම

ජාලයක් යනු භෞතික මාධ්‍යයකින් (physical medium) එකිනෙක හා සම්බන්ධ වුනු පරිඝනක ජාලයකටය. මෙම භෞතික මාධ්‍ය කොපර් කේබල් (copper cable) හෝ ප්‍රකාශ තන්තු (fiber optics) එසේත් නැත්නම් රැහැන් රහිත මාධ්‍යයක් වන විද්‍යුත් චුම්බක තරංග විය හැකිය. මෙම ජාල භූගෝලීය වර්ග ප්‍රමාණය (Geographical Area)  අනුව වර්ග කළ හැකිය. ඒවා නම් LAN (Local Area Network ) හා WAN (Wide Area Network) වචනයේ අරුතෙන්ම කිවහොත් විශාල වූ භූගෝලීය ප්‍රෙදේශයක් හරහා පැතිරී ඇත්තේ WAN ය.

එසේ නම් අන්තර්ජාලය LAN හා WAN වලින් එකිනෙකට සම්බන්ධ අති විශාල වූ පරිඝනක ජාගයකටයි. මෙය අත්හදා බලන ලද්දේ  ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තුමේන්තුවෙහි ARPA (Advanced Research Project Agency) ය විසින් 1960 දීය. අන්තර්ජාලය එසේ නැතහොත් කාටත් තේරේන සිංහලෙන් කිව්වොත් internet යන්න ලොව පවතින විශේෂ වූ දෙයක් නිසාවෙන් සැමවිටම පළමු අකුර කැපිටල් වලින් භාවිතා වේ. නිවැරදිව නම් Internet ලෙසයි.

අන්තර්ජාලය හා සම්බන්ධ වීමට විවිධ වූ තාක්ෂණික ක්‍රම භාවිතා වේ. සමහරුන් දුරකථන සම්බන්ධ හරහාත් සමහරුන් සැටලයිට් හරහාත් මේ සමග සම්බන්ධ වේ. නමුදු ජාල හරහා දත්ත සන්නිවේදනය කිරීමට යමිකිසි භාෂා සම්මතයක් අවශ්‍ය වේ. එය  මෙසේයි, කෙනෙකු ඩිජිටල් ලෙස 1110 යන්න අම්මා යැයි පැවසුවහොත් එය ලබාගන්නා (receiver) එය අම්මා යැයි දැන සිටිය යුතුමය. එසේ නැතහොත් සන්නිවේදනය කිරීමට කිසිසේත්ම විදිහක් නැත. ඉංග්‍රීසි ජාතිකයකු සමග සිංහලෙන් කතා කිරීමට හැකියාවත් නැතිවා වාගේම ජාල තුලදීද එසේමය. ඒ සදහා යම් නීති පද්දතියක් (protocol) හදුන්වා දී ඇත. එනම් TCP/IP ප්‍රොටෝකෝලයයි.
ඉන්ටර්නෙට් වලට කිසිම අයිතිකරුවකු නොමැත. ඇයි එහෙනම් අපි සල්ලි දෙන්නේ යැයි කෙනෙකුට ප්‍රශ්ණයක් නැගිය හැකිය. ඉන්ටර්නෙට් භාවිතය සහා අපිට නෙට්වර්ක් සම්බන්ධතාවය ලබාදෙන්නේ යම් යම් සමාගම් විසින්ය. ඔවුන්ට අපි ISP (internet service provider) යැයි කියමු. ඒ සහා ඔවුන් ගාස්තු අය කරනු ලබයි. මමත් 1980 දශකයේ උපත ලද්දෙක් නිසාවෙන් 56kbps මොඩමයක් භාවිතයෙන් අධිවේගී අන්තර්ජාල සේවාවක් ලබා ගත්තෙක් විය. වර්තමානයේ ADSL හෝ කේබල් TV නෙට්වර්ක් හරහා රැහැන් සහිත අන්තර්ජාල සේවා සපයනු ලබයි.

HPDPA, HSPA, Wimax ආදී වශයෙන් රැහැන් රහිත ජන්ජාල සේවා සපයන ආයතන රැසක් ලංකාවේ පවතී. ලේ කෝපවෙන තරම් Speed එකක් ඔවුන් අපට සපයනවා කියලා වැඩක් නෑ ඒ ගැනනම්....

ADSL, HSDPA, HSPA, Wi Max හෝ කුමක් හෝ වේවා මේවා අයිති වනනේ internet broadband සේවා ලෙසයි. අපට ADSL සේවය සපයන ආයතනය නාමය භාවිතයේදී මේවා විකුණන විටම ඇනගෙන ඇතිබව කිව හැකිය. එසේ වන්නේ සේවාව broadband වනවිට technology එක කළින් කළට වෙනස්විය හැකි බැවිනි. වර්තමාණයේ ADSL 2+ තමයි පවතින්නේ ඉදිරියේදී තව වෙනස් විය හැකියි. Peo TV වල තාක්ෂණය වර්තමානයේ IPTV වන අතර මතුකාලයේදී වෙනස් විය  හැකියි. නමුත් peo TV යන නාමය සදාකාලිකයි.
 
අන්තර්ජාලය හා සම්බන්ධ තවත් වැදගත් තොරතුරු(web servers, DNS) යනාදිය තවත් පාඩමකින් විමසමු.

සංස්කරණය:- ධනුෂ්ක කෞෂල්‍ය

Friday, February 17, 2012

අර්චනාගේ ඉරණම කුමණ අයුරින් විසදේවිද?


ඇය නමින් අර්චනා උපතින්ම ගොළු තරුණියක්, නමුත් අනෙකුන් කතා කරන දෙයක් වටහාගැනීමට ඇයට හැකියි. ඒ තොල් සෙලවීම මගිනි. ඇය රූපශ්‍රීයෙන් අනූනයි. ඇයට පෙම් බින තරුණයෙක් සිටියි ඔහු සංගීතඥයෙක්, චිත්‍රපට පසුබිම් සංගීත අධ්‍යක්ෂ වරයෙක් ලෙස සේවය කරනවා. ඔහුට ඇයව හමුවන්නේ අහඹුවෙන්, ඇයට කතා කිරීමට නොහැකි බව දැනගන්නේ ඇගේ අත්තම්මා රෝගාතුරවී රෝහලට ගෙනයාමෙන් පසුව සිදුවන කතා බහකින් අනතුරුවයි. පසුව ඔහු ඇය සමග මිත්‍ර වෙනවා. ඔහුට ඇයත් සමග කාලය ගත කිරීමට අවශ්‍ය බැවින් ඹහුට ගොළු භාෂාව (sign language) ඉගෙන ගැනීමට සිදුවෙනවා.

කාලයක් ගතවෙත්ම ඔහු ඇයට ආදරය ප්‍රකාශ කරනවා. අර්චනා ඔහුව එකහෙලාම ප්‍රතික්ෂේප කරනවා. ඇයත් ඔහුට සිත යටින් කැමතියි. ඇයිද එහෙනම් ප්‍රතික්ෂේප කරන්නේ? එයයි ප්‍රශ්ණය.

අර්චනාට පෙම් බඳින ඔහු තමයි කාර්තික්, මේ චරිතයට පණ පොවන්නේ Prithviraj Sukumaran විසිනුයි

        චිත්‍රපටය Mozhi, අර්චනා ලෙස විශිෂ්ඨ රංගනයක නියලෙන්නේ Jyothika යි. මෙම දමිල චිත්‍රපටයෙහි විශිෂ්ඨත්වය වන්නේ  Jyothika සැබවින්ම ගොළු තරුණියක ලෙස රපෑමයි.  අධ්‍යක්ෂණය Radha Mohan විසිනුයි. 23 February 2007 දින නිකුත් කළ අතර Oscar සම්මාන උළෙල සඳහා නිර්දේශ විය. 

මෙහි වීඩියෝ දර්ශණ කිහිපයක් නරඹා  වෙනස වටහා ගන්න. නෙට්වර්ක් පාඩමක් සමගින් යළිත් හමුවෙමු.



 

 සංස්කරණය:- ධනුෂ්ක කෞෂල්‍ය