Thursday, October 17, 2013

සිංහල font embed කරමු

          දවස් කිහිපයකට ඉහතදී මහා කරදරකාර කටයුත්තකට මුහුණ දෙන්න උනා. ඒ නම් එක් අයෙක් සිංහලෙන් type කරපු document එකක් අපගේ ආයතනයට රැගෙනවිත් තිබුණා.. පුදුම වැඩේ කියන්නේ ඒක type කරපු font එක ගෙනල්ලා නෑ. internet පීරලා පීරලා බොහොම අමාරුවෙන් install කරගත්තා... මින්පසු මේ වගේ අකරතැබ්බයක් කාටවත් සිදුනොවේවායි පතනවා..

        මෙහෙම දේවල් සිදුනොවෙන්නට Microsoft office තියෙනවා පොඩි දෙයක් කරන්නට, හරිම සරලයි word හරි powerpoint හරි මොකක් හරි එකක options  හි ඇති  save වෙත යන්න.









Embed fonts in the file කියන checkbox එක select කරන්න. එච්චරයි හරිම සරලයි... මෙය සිදුකිරිමට පෙර file zise එක 15KB යැයි සිතමු. හැබැයි පස්සේ file zise එක 2MB විතර විය හැකියි..

සැකසුම:- ධනුෂ්ක කෞෂල්‍ය

Thursday, March 14, 2013

මත්පැන් පානය කරන්නන් වෙනුවෙන්

මත්පැන් පානය කර ඔබට අගනා තෑගි රැසක්

            ඔබ කළ යුත්තේ මත්පැන් පානය නොකඩවා දිගින් දිගටම කරගෙන යාමයි. මත්පැන් පානය කිරීමට කැමැත්තෙන් සිටින ඔබටද මෙය කදිහ අවස්ථාවකි.. එවිට නියත වශයෙන්ම ත්‍යාගයකට හිමිකම් ලැබෙනු ඇත. 

ඉක්මන් කරන්න මෙන්න තෑගි

ප්‍රථම ත්‍යාගය:- සිරෝසිස් (අක්මාව ඉදිමීම)
දෙවන ත්‍යාගය:- ආහාර ජීර්ණ පද්ධතියේ තුවාල
තෙවන ත්‍යාගය:- අධික රුධිර පිඩනය

සැනසිලි තෑගි:-

මතක ශක්තිය හා හැකියාවන් අඩුවීම
ස්නායු රෝග,
මානසික රෝග,
හදිසි අනතුරු,
පවුල් සමගිය නැතිවීම,

කාන්තාවන් සදහා විශේෂ තෑගි:- අංගවිකල දරුවන් ඇත්වීම, දරුගැබ් විනාශ වීම

වැඩි විස්තර සදහා ළගම සිටින වෛද්‍යවරයා හමුවන්න.

(ත්‍යාග ප්‍රධානෝත්සවය කනත්තේදී සිදුකෙරේ)

සැකසුම:- ධනුෂ්ක කෞෂල්‍ය

 

Saturday, March 9, 2013

ආදරයේ සිරකරුවා කිසිදාක නිදහස නොලබයි

       හිතට දැනෙන ගීතයක ලස්සන විග්‍රහයක් කරන්නයි අද හදන්නේ.... ලෝකයක් කියලා දෙයක් නොතේරුන තමන්ගේ මුළු ලෝකයම තමන්ගේ ආදරවන්තිය යැයි සිතූ අයෙකුගේ හැගිම් කසුන් කල්හාරගේ මුවගින් නිකුත් වෙනවා... ඇරඹුමම කඳුලක්‌ වෙලා..... මේක හිතන තරම් ලේසි පහසු ගායනයක් නොවෙයි... ප්‍රෙමවන්තයකුගේ අදෝනාවක් කසුන් කල්හාරගේ ගැඹුරු හඩින් ඉතාම සංයමයෙන් ඉදිරිපත් වෙනවා.... මෙම ගීතය කසුන් කල්හාරගේ මව වෙනුවෙන් ගැයුනු ගීතයක් ලෙස බොහෝ comments වල සදහන් වෙනවා... නමුත් එය එසේ නොවේ යැයි කියායි මගේ අදහස‍...... ඉතින් රසවිදිමු අරුත සමගින්

පද රචනය - දිලීප අබේසේකර
සංගීතය     - නාලක අංජන කුමාර

ඇරඹුමම කඳුලක්‌ වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා.....

          ඉස්සර කාලෙදිනම් ආදරසම්බන්ධයක් අවසාන වන්නේ අනිවාර්යයයෙන්ම විවාහයෙන්. ඒත් අද කාලේනම් එහෙම නැ... ඉක්මණටම ජීවිතවලට පිවිසිලා ඉක්මණින්ම ඉවත්ව යනවා..... මේ ගීතයෙන් කිවවෙන ආදරවන්තයාගේ කතාවත් ඒ වගේ එකක්.  ඔහු තමන්ගේ ආදරවන්තියට හද පතුලෙන්ම ආදරය කරන අයෙක්, ඔහු මහා බලාපොරොත්තු කන්දරාවක් පොදිබැදගත් අයෙක් ආ දුරත් දුර වැඩි නිසා යැයි පවසනවා..... නමුත් ඔහු බලාපොරොත්තුවන ආදරයේ කෙළරක් දක්නට පෙර ඇය ඔහුව දමා යනවා...... 

දුක්‌බරව කවියක්‌ ලියා
එහි පද පෙළක්‌ අඩුවෙන් තියා //
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා

           ආදරවන්තිය නික්ම යන්නේ ඔහුගේ ජීවිතයත් සමග ඉතාම දුක්බරවූ කවියක් ලියලයි. නමුත් මෙහි එක් පද පේළියක් අඩුයි. ඒක හරියට ප්‍රෙහේලිකාවක් වගේ  කිසිවක් තේරුම්ගත නොහැකියි..... අවසාන පදය තෝරාගන්න කියා ඇය ඔහුගෙන් ඈත්ව ගිහින්, මේ මහා තේරවිල්ල තේරුම් ගන්න කොහෙත්ම විදිහක් නෑ... අඩුවූ පද පේළිය අහගන්නට ඇයත් ඔහු ලග නෑ.... ආදරවන්තයා ඉතාමත් අසරණයි...

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා//
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා

               අපි ඕනම ප්‍රශ්ණයකට මුහුණ දෙමු යැයි ආදරවන්තිය පවසනවා..... මම මොන ප්‍රශ්ණය ආවත් ඔයා ලග ඉන්නවා කියලා කිව්වත් ආදරවන්තිය එහෙම නෑ. මුවගින් පිටවන වචනවල ගතිගුණ නෑ... කිසියම් වූ ශෝකාන්තයක් එලබීමට පෙර ආදරවන්තිය ඔහුව අවසානයක්‌ නොදකින තැනක දමා පිටව යනවා.

             වර්තමාන ප්‍රේමයේ තත්ත්වය මෙයයි.... සුරංගනා කතා මවාපාමින් ඔහු හෝ ඇය වෙනුවෙන් වෙනනම වූ ලෝකයක් තනා එහි අතරමංකොට පලා යනවා.... එයින් පීඩාවිදින තැනැත්තාට හෝ තැනැත්තියට සිදුවන ඉරණම වන්නේ තේරවිල්ලක් බදුවූ කවියක අඩුවූ පද පේළිය සෙවීමටයි..... ආදරය කරන තැනැත්තාට හෝ තැනැත්තියට සැබවින්ම ආදරය කරන්න මෙය කියවන අයගෙන් මම කරන ඉල්ලීම එයයි......


සැකසුම:- ධනුෂ්ක කෞෂල්‍ය 

Monday, February 4, 2013

නෙට්වර්ක් පන්තිය දාහතරවන දවස (proxy server 2)

           ගියවර පන්තියෙන් පැවසුවේ proxy server එකක් ජාලයට සම්බන්ධ කරන ආකරය සහ එහි භාවිතය පිළිබද සැකෙවිනුයි. එතැන් සිට ඉදිරියට මේ ගැන බලමු.

           බොහෝ දෙනෙක් සිතාගෙන සිටින්නේ proxy server එකක් භාවිතා කරන්නේ web filter වලට පමණක්ය කියායි. මම උනත් මුල් කාලයේ සිතා සිටියේ ඒ විදිහටයි. ඒත් එසේ නොවෙයි. proxy server එකක් අන්තර්ජාල භාවිතය වේගවත් කරනවා... අපි යන සෑම web site එකක්ම cache කරගන්නවා... එක් අයෙක් facebook.com වෙත පිවිසුනොත් දෙවැන්නාට facebook.com ලබාදෙන්නේ පළමු වැන්නාගෙන් ලබාගත් cache වලිනුයි... එසේ හෙයින් මින් පසුව facebook ඉල්ලන ඕනෑම කෙනෙකුට ඉතාම වේගවත් සේවාවක් ලබාදීමට මෙයට හැකිය.

proxy server එකක වාසි

  1. පරිඝණක සියල්ලම නිර්ණාමික ලෙස සගවා තබනවා... භාහිර පුද්ගලයන්ට (ආයතනයෙන් එපිට) hack කිරිමට ඉඩ නොදෙයි. 
  2. අන්තර්ජාල වේගවත් කිරීම (cache මගින්)
  3. එකම අන්තර්ගතය (same content) කිහිපවතාවක් භාගත නොකිරිම (bandwidth save)
  4. විධිමත් වාර්තා සටහන් සැපයීම (log files)
  5. වෛරස් සම්ප්‍රේෂණයට ඉඩ නොදීම
  6. දත්ත හානිවීම අවම කිරිම
  7. අන්තර්ජාල භාවිතයට සීමා පැනවිම user restriction
proxy server උදාහරණ

  1. IIS- Internet information services මෙය microsoft ආයතනය මගින් සැකසූවක්
  2. squid බහුතරයක් ආයතනවල භාවිතාවේ. බොහොම වේගවත් හා reliable මෘදුකාංගයක්
  3. privoxy - මෙහි cache නොමැත.
ccproxy, analogx proxy වශයෙන් විවිධ මෘදුකාංග පවතී නමුත් මේවායේ cache පහසුකම නොමැත. port පමණක් හැසිරවීමේ පහසුකම් පවතී...

browser එක සැකසීම
 
firefox හෝ internet explorer වල connction settings


             192.168.14.100 යනු proxy server එකෙහි ip address එකද 3128 යනු port බද එකද වේ. භාවිතයට ගන්නා server එක අනුව port no එක වෙනස් විය හැකිය. 3128 යනු squid හි default port බද එකයි. නමුත් මෙය වෙනස් කිරීමට හැකියාව පවතී. ඒ වගේම IIS වල 1253 no එක භාවිතා වේ.

සැකසුම:- ධනුෂ්ක කෞෂල්‍ය



Tuesday, January 15, 2013

ලක්ෂ ගණන් මෙහි හදවත් ඇත්තවුන්

             හිංදි ගීයක සිංහල අරුත කියන්නයි මේ සැරසෙන්නේ, මීට කාලයකට පෙර මගේ  සිතෙහි රජකරපු ගීතයක් මේක කාලයාගේ ඇවෑමෙන් අමතක වෙලා ගියා. මේ ලගදී දවසක ආයෙත් මතක් වුනා... තිරයෙන් පිටුපස සිට මේ ගීතය ගයන්නේ මහේන්ද්‍ර කපූර් විසින්, චිත්‍රපටය kismat මෙහි සිංහල අරුත "දෛවය", මෙය 1968 වසරෙහි තිරගත වූවක් මම නම් ඒ කාලේ හුලගෙවත් හිටියද දන්නේ නෑ... එසේ නම් අරුත සමගින් රස විදින්න.....





ලක්ෂ ගණන් මෙහි හදවත් ඇත්තෝ
ඒත් තවමත් ආදරය නොලබයි.
කිසිවෙකුගේ දෑසෙහි  ආදරයක ියක්වත් දකින්න නෑ...


මම සෑම තැනකටම ගොසින් බැලුවා
හැම හදවතකටම එබී බැලුවා...
හැම විදිහකටම ගී ගයා බැලුවා......
නමුත් මගේ  හදවතට සැනසිල්ලක් කොහෙන්වත් ලැබුනේ නෑ
මම මේ ලොව තවමත් තනිවෙලා...

කොහෙන්ද මම මේ හදවත සොයාගන්නේ...
නුඹට හැකිනම් දෙන්න මට පුංචි ඉියක්
එසැනින් මම ඔබේම වන්නම්
කියන්න මට,
සිනහවක් සමගින්,
නුබේ හදවතෙහි නොපිරුණු ආශාව කුමක්දැයි කියා සදහටම......


සැකසුම:- ධනුෂ්ක කෞෂල්‍ය
 
 

Wednesday, January 2, 2013

නෙට්වර්ක් පන්තිය දහතුන්වෙනි දවස (proxy server 1)

    නෙට්වර්ක් පන්තියට ගොඩවුනේ බොහොම කාලෙකින්, මගේ student ලා කොහෝ සැගව ගිහින්ද මන්දා.  ඔන්න ඒ නිසාම සෑහෙන වටිනාකමක් තියෙන post එකක් දාන්නයි හදන්නේ...

     අද කියන්න යන්නේ proxy server එකක් වැඩකරන විදිහ ගැන. මේ server එකට application layer රවුටර් (router) එකක් යැයි පැවසුවද වරදක් නෑ. මන්දයත් users ලාගේ අවශ්‍යතාවය එහෙමත් නැත්නම් කියනවනම් භාවිතය හදුනාගැනීමට මෙයට හැකියි. තේරෙන භාෂාවෙන් කියතොත් userට අවශ්‍ය mail එකක් දැමීමටද, එහෙමත් නැත්නම් internet වල මොන site වලටද යන්න අවශ්‍ය, නැත්නම් මොනවගේ file ද download හදන්නේ කියන එක හදුනාගැනීමට මෙයට හැකියි...... තවද මොන browser එකද පාවිච්චි කරන්නේ කියන එකත් proxy server එකට හොයාගන්න පුළුවන්.... මාරයි නේ.. ලේසියෙන් මේකෙන් ගැලවෙන්න හම්බවෙන්නේ නෑ...

            proxy server එකක් ජාලයකට සම්බන්ධ කරන ආකාර දෙකකි.
 පළමු ආකාරය

      මේ ආකාරය සදහා proxy server එකට NIC(Network interface card) දෙකක් අවශ්‍ය වේ.. මෙහිදී අන්තර්ජාලය භාවිතය සදහා proxy server එක හැර router එක භාවිතා කළ නොහැක. මන්දයත් router එක සහ පරිඝනක ip address range දෙකක පවතී...

දෙවන ආකාරය



          මෙහිදි proxy server එක සදහා එක NIC එකක් තීබීම ප්‍රමාණවත්... රවුටර් එක සහ අනෙකුත් පරිඝණක සියල්ලම එකම IP address රේන්ජ් එකක පවතී....

         proxy server සදහා භාවිතා කරන application අන්තර්ජාල භාවිතය සදහා පරඝනකය සැකසීම යනාදිය තවත් නෙට්වර්ක් පන්තියකින් කතාකරමු..

සැකසුම:- ධනුෂ්ක කෞෂල්‍ය