කළින් දවසේ නෙට්වර්ක් පන්තිය ඉවර කළේ IP address classes හදුනා ගන්නේ කොහොමද කියලයි. උදාහරණයක් විදිහට 192.168.1.1 ip එක ගනිමු. මෙහි සදහන් මුල් අංකය දෙස බැලීමෙන් මේ IP එක අයිතිවන්නේ class C වලටයි. දැන් බලමු මේක කොහොමද හොයා ගත්තේ කියලා. IP address එකක පළවෙනි byte එක දිහා බලලයි ක්ලාස් එක කිව්වේ. මෙහි බිට් 8ක් තියෙන නිසා ඩෙසිමල් අංකය 0 සිට 255 දක්වා වෙනස් විය හැකියි. මේ වෙනස්වීම අනුවයි ක්ලාස් එක තීරණය කරන්නේ වැඩි විස්තර පහළ රූපයෙන් බලාගන්න.
මේක දිහා හොදට බැලුවොත් පෙනෙයි 127 රේන්ජ් එක මෙහි සදහන් වෙලා නෑ කියලා. ඒ range එක ගන්නේ වෙන වැඩකට ඒ ගැන පසුව කියන්නම්. තවද Ip address format එක දිහා බැලුවොත් පෙනෙයි පළමු බිට් එක 0 උනොත් class A ද, පළමු බිට් දෙක 10 උනොත් class B ද, පළමු බිට් තුන 110 උනොත් class C ද, අනෙක්වාද රූපයේ පරිදි හදුනාගත හැකියි. ඒ වගේම තව දකින්නට ලැබෙයි NET ID සහ HOST ID කියලා දෙකක් ඕක ගැන කියන්ඩනම් subnet ගාවගන්න සිදුවෙනවා...
subnet
ඔක්කෝමට කළින් මේ රූපය බලන්න.
![]() |
| රූපය 2 |
subnet කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම එක කාර්ය මණ්ඩලයක් එහෙම නැත්නම් එක සංවිධානයක් (organization) උප කොටස් දෙකක් හෝ කිහිපයකට බෙදා වෙන්කරීමකටයි. මෙහි පවතින සියළුම computers පවතින්නේ එකම භූගෝලීය පිහිටුමකයි නමුත් Logically බෙදා වෙන් කරනවා. රූපයේ හැටියට ගත්තොත් මෙහි subnet හතරක් තියෙනවා නමුත් internet පාවිච්චි කරන්නේ එක router එකක් හරහායි. මේ විදිහට කරන්න හේතු ගණනක් තියෙනවා.
- මෙලෙස සංවිධානය ඛන්ඩනය කිරීමෙන් එක එක section උදා:- finance, Marketing, Administration, Engineering වෙන වෙනම manage කිරීමට හැකියාව තියෙනවා.
- මේ එක එක කොටස් physically කොටස්වලට කැඩුවොත් එක එක section වලට internet පාවිච්චි කරන්න වෙන වෙනම Internet connection ඕන වෙනවා.
දැන් තමා විස්තර කරන්න අමාරුම ටික බලමු try කරලා..
32bit address එකෙහි සැමවිටම නොවෙනස්වන කොටසට කියන්නේ network ID කියලයි. එතකොට මෙහි වෙනස්වන කොටසට තමයි Host ID කියන්නේ. 1 රූපය බැලුවොත් class A වල network ID එකේ Bit 8ක් තියෙනවා. class B වල bit 16 කුත් C වල 24 කුත් තියෙනවා. ඔන්න ඔහොමයි කතාන්දරේ... උදා- 192.168.1.1/24 මෙහි 24 න් පෙන්නන්නේ network ID එකේ Bit .ගණනයි.
තව දුරටත් පහදා දෙමු අපි හිතමු 38.9.211.0 මේ වගේ number එකක් ගැන
mask කියලා කියන්නේ මුහුණු ආවරණයකටනේ (වෙස්මුහුණ) මේකත් ඒ වගේ තමයි netmask තමයි හොදම නම ජාලය අවරණය කරනවා. binary වලින් 1 තිබ්බොත් නොවෙනස්වන බවත් (fixed) 0 තිබ්බොත් වෙනස්වන (variable) බවත් කියවේ. decimal වලින් ලියනකොට mask එක 255.255.255.0 වෙනවා. දැන් No of host ගණන් බලමු.
හරිම සරලයි
2n -2 මෙහි n යනු No of host bit ගණනයි. උදා n=8 වුනොත් උත්තරය 256-2=254 යි. මෙහි 2 ක් අඩුකරන්නේ ඇයි? සහ තවත් කරුණු කාරණා ඉදිරි පන්තියකදී සලකා බලමු.....


