ඔක්කෝටම කළින් ලස්සන කතාවක් තියෙනවා කියන්න. මේක මම කොහෙන්වත් දැකපු දෙයක් නෙමෙයි. අහපු දෙයක්,
එක්තරා පන්තියක් තියෙනවා. ස්කෝලෙක කියලා හිතමු. මේ පන්තිය ඉවර උනාම හැමදාම පරක්කු වෙලා යන කෙනෙක් උන්නා. ඔහුගේ නම ඩේවිඩ්. වයස අවුරුදු දහයක් පමණ ඇති. පරක්කු වෙලා යන්න හේතුව නම් අපිළිවෙලට තියෙන ඩෙස් පුටු සියල්ල නිසි පරිදි සාදා යෑමටයි. මේක සැමදාම පන්තියේ ගුරුතුමා බලාගෙන උන්නා. ඔන්න ඔහොම කාලය ගතවුනා. නත්තල් සමයට නිවාඩු දෙන දවසත් එළබුනා. පන්තියේ සියල්ලම සතුටින් විසිර ගියා. ඒත් ඩේවිඩ් පුරුදු පරිදිම ඩෙස් පුටු සකස් කළා. වෙනදා මෙන්ම බලාගෙන ඉන්න ගුරුතුමාට ඩේවිඩ් මෙන්න මෙහෙම කියනවා. සර්ට මම අද තෑග්ගක් ගෙනවා. ලෙහෙලාම බලන්නකෝ, පාර්සලය ලෙහෙපුවාම පුංචි පෙට්ටියක් තියෙනවා............................ ඒත් එහි තුළ කිසිවක් ම නෑ. මේක හිස්නේ කියලා ගුරුතුමා කියනවා. ඩේවිඩ් කියනවා ඕකේ ආදරය පුරවලා තියෙනවා කියලා. ගුරුතුමා මදක් නිසොල්මන්ව සිටිනවා..... ගුරුතුමාට ඩේවිඩි යළිත් කියනවා. ආදරය දැක්කොත් පමණද විශ්වාස කළ හැක්කේ කියලා... මේක අසපු ගුරුතුමා ඩේවිඩ්ව බදාගෙන කදුලු සැලුවා... මෙයයි කතාව
ආදරය දකින්නට නොහැකියි. කිසි කළෙක අතට හසුනොවෙයි. නිශ්චිත හැඩයක් නෑ. නමුත් ආදරයේ බර මනසට දැනෙනවා. එය මනසින් දැකිය හැකිය. එය මනසින් විදිය හැකියි. එයයි ආදරය........ මම මගේ ඔෂීන්ට ගොඩක් ආදරෙයි.....