Tuesday, June 26, 2012

ඹෂින් මේ ඔබ වෙනුවෙනුයි......

        හැමදාම නෙට්වර්ක් ගැන කතා කරලම වැඩක් නෑ.... මගේ සිතුවිලි ගැනත් කතා කරන්න ඕන කියලා හිතුනා.. ගියවර post එක දැම්මේ ඹෂින් TV series එක ගැනයි අද post එක මගේ ඔෂීන් වෙනුවෙනුයි..

            අපිට යමක් දැනගන්න වුනු ගමන්ම අපි හැමදේම අහන්නේ google දෙයියගෙන්. ඒත් අපි ඇහුවොත් ජීවිතය පුරාවටම ආදරය කරන්න කෙනෙක් දෙන්න කියලා.... server not found කියලා වැටෙනවා.. google දෙයයිටත් හොයන්න බැරි දෙයක් මම සොයා ගත්තා....  ඒ තමයි මගේ ඔෂින්ව... මමත් දැන් ආදරවන්තයෙක් වෙලා.... වචනයෙන් විස්තර කළ නොහැකි තරමටම මම ඔයාට ආදරෙයි ඔෂින්.... මට දැන් ලොකු වගකීමක් තියෙනවා.. ඒ තමයි ජීවිත කාලය පුරාවටම ඔයාව ආදරයෙන් බලාගන්න ඕන කියන එක... කිසි දිනක දුකක් නොදී ඹයාව සතුටින් තියන්න ඕන. කිසි දිනක සිත නොරිදන්න වගබලා ගත යුතුයි.

       ඔබ සතු සුවිශේෂී ගුණාංග මගේ සිත සොරා ගත්තා.... A girl should be modest කියලා කියමණක් තියෙනවානේ ඒ කිව්වේ ඕනෑම ගෑණු ළමයෙක් සංවර විය යුතුය යන්නයි. අද සමාජයේ මෙය දක්නට නොමැති දුලබම දෙයක්, බැලූ බැලූ හැමතැනම දකින්න ඇත්තේ අපායෙන් ගොඩබැහැපු විකාර රූපී අවතාර, මූනේ උලපු එක එක ලාටු වලින් ඔවුන් වැහිලා ගිහිල්ලා.. මම අවතාර යැයි පැවසුවේ එම්බාම් වලට හසුවුණු අය නිසයි. ඔබ එසේ නොවෙයි. සැබැවින්ම සුන්දරයි.

 අවංක ආදරයත් ලබන්න මමත් වාසනාවන්තයෙක් වුනා. සමහර වේලාවට මට සිතුනේ මම මේ දකින්නේ සිහිනයක්ද කියායි. අපොයි නෑ මෙය සැබෑවක්, මම මේ ලෝකෙටම කෑගහල කියනවා ඔයා මගේ කියලා...... ඔයා මගේමයි.... මට ආදරය ලබන්න මෙච්චරකල් පමාවුනේ හොදම කෙනා ලබන්න වෙන්න ඇති, හොම කෙනා හොම විදිහට ලැබුණා... මම දැන් ගොඩක් සතුටින්...... ඔබේ ආදරයෙන් මගේ හදවත පිරිලා ඉතිරිලා යනවා.......

            අපි දෙදෙනාගේ හමුවීම සංසාරයේ බැඳීමක් විය හැකියි. අපි දෙන්නාටම තියෙන්නේ එක වගේම අදහස් එහෙම නේද? විශේෂයෙන් ඔබ සතුන්ට දක්වන ආදරය කියලා නිම කළ නොහැකියි. සතුන්ට ආදරය කරුණාව නොදක්වන්නෙකුට හරිහැටි මිනිසුන්ට ආදරය කිරීමට නොහැකියි එය මගේ පිළිගැනීමයි මේයට විරුද්ද විය හැකි පිරිසක්ද සිටින්නට හැකියි. 

              මගේ ඔෂින් මට ගොඩක් ආදරය කරන බව මට දැනෙනවා... තවත් විශේෂ දෙයක් කිව යුතුයි. ඔෂින් කියන චරිතයට අපි දෙන්නාම බොහොම කැමතියි. මම ඔබට ඔෂින් කියන ආදර නාමය දැමීමට පෙළඹුනෙත් ඒ නිසාමයි. 

       ඔබ සැමවිටම විවෘතයි ඔෂින්, ඕනම දෙයක් ඕනෑම කෙනෙකුට විවෘතව පැවසීමට ඔබට හැකියි. මටද අවශ්‍ය වන්නේ එයමයි. මගේ වරදක් වුවත් ඔබට කෙළින්ම කිව හැකියි.

මගේ ඔෂීන්ට මම ගොඩාක් ආදරෙයි. කිසිමදාක දුකක් දෙන්නේ නෑ.. සත්තයි.. මෙය කිසිදාක කඩනොකරන පොරොන්දුවක්, 




සැකසුම;- ධනුෂ්ක කෞෂල්‍ය


No comments:

Post a Comment