Monday, December 31, 2012

2013 ඇරඹුමට පෙර

     සුන්දර, අසුන්දර මතකයන් බොහොමයක් සමගින් මේ 2012 වසරත් අදින් නිමාවෙනවා.... බලාපොරොත්තු කන්දක් පොදි බැදන් නව වසරක් හෙටින් ඇරඹෙනවා... හැමදාම වගේ හෙටත් මට උදේම කියන්න පුළුවන් වෙයි ගිය අවුරුද්දේ නිදාගෙන මේ අවුරුද්දදේ ඇහැරුනා කියලා... කොතරම් අළුත් වසරවල් පසුකළත් අපි තාමත් පරණයි.... ඇත්ත එයයි.... සමහරු නියනාවා ලබන අවුරුද්දේ ඉදලා අළුත් විදිහට හිතනවා කියලා.. කතාව කෙසේ වෙතත් ටික දවසක් යනකොට පරණ විදිහම තමයි.... මෙසේ කියන කවුරුත් හැම අවුරුද්දේම කිව්වේ එකම දේයි.....

            හෙට දිනයේ මතුපිටින් අළුත්වන සියළුම ජනයා ඇතුළතිනුත් අළුත් වනවානම් මේ ලෝකය කොතරම් සුන්දර වෙයිද? කාගේ කාගේත් කිල්ලෝටවල කුණු ටික ටික තිබෙන බැව් නොරහසක් මගේත් මෙය කියවෙන අයගේත් එසේමයි. මන්දයත් අපි රහත් ඵල නොලබපු අය නිසාවෙනි....

           2012 වසර පටන්ගත්තා විතරයි ඉක්මණටම ඉවරවුනා...නව වසරක් ඇරඹීමේ සැගවුණු අරුතනම් අපි වියපත් වුණු බවයි... තවත් එක් උපන්දිනයක් සැමරීමට කාලය එළඹ ඇති බවයි.... තවත් සමහරුනම් තවදුරටත් ජීවිතය කොටකර ගනියි.. හතරැස් රවුම් බෝතල් කොච්චරක් අද රාත්‍රියේ හිස්වෙයිද නේද? මෙයයි ඇත්ත තත්ත්වයනම්, කෙසේවෙතත් සිතන පතන සියල්ලම සුභ වේවායැයි සිතමු... මායාවරුන්ට සහ අනාවැකි පලකරපු අයට මොකද වුනේ කියලත් සොයාබැලිය යුතුයි...

           ඔබ සැමටම හෙයින් ඇරඹෙන නව වසර සිතුම් පැතුම් සැපිරෙන වාසනාවන්ත වසරක්  වේවා යැයි මගේ පැතුමයි... යළිත් ලබන අවුරුද්දේ හමුවෙමු....


         සැකසුම:- ධනුෂ්ක කෞෂල්‍ය

2 comments:

  1. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete