Tuesday, September 6, 2011

නෙට්වර්ක් පන්තියේ හයවෙනි දවස (IP address 3)

ගියවර පන්තිය අවසන් කළේ No of Host ගණනය කිරීමකින් ඒ ගැන තව ටිකක් බලමු.
n=16 විට 216-2  =65536 -2

උත්තරය 65534 යි. සම්පූර්ණ host ගණනින් දෙකක් අඩුකරන්නේ මුල් හා අවසාන ip දෙක භාවිතයට නොගන්නා නිසයි. මුල් IP එකට කියන්නේ start address කියායි. අවසාන එකට කියන්නේ broadcast address කියායි.
උදා:- 192.168.1.0/24
start address 192.168.1.0
Broadcast address 192.168.1.255 ලිනක්ස් භාවිතයේදී යම් නෙට්වර්ක් එකක ip එකක් දානකොට මේ සියල්ලම භාවිතාකරන්න ඕනේ නැත්නම් වැඩකරන්නේ නෑ. ටිකක් කරදරයි ඒත් කරන්න දෙයක් නෑ හේතුව windows වලට වගේ linux  වලට බොරු කරන්න බැරි නිසයි.

public ip address
මේවාට static ip address කියලත් කියනවා. ලෝකයේ ඉන්න සැමොටම පොදුවේ භාවිතාකළ හැකි ip address එකක් වේනම් ඒක public ip එකක්. හොද උදාහරණයක් දෙන්නම්කෝ web server එකක පාවිච්චි කරන්නේ public ip එකක්. ලෝකේ කොතැනක සිටියත් google.com යන්න පුළුවන්. අපිත් public ip එකක් අරගෙන කම්පීටරේට එකට දැම්මොත් ලෝකේ කොහේ හිටියත් access කරන්න පුළුවන්.

private IP address 
ලෝකයේ ඉන්න ඕනෑම කෙනෙකුට පුද්ගලිකව භාවිතාකළ හැකි ip address වේනම් ඒවාට කියන්නේ private ip කියලයි. මේවා තමන්ගේම LAN (local Area Network) වලට පාවිච්චි කරන්න පුළුවන්. private ip ranges තුනක් වෙන් කරලා තියෙනවා අවශ්‍යතාවය අනුව පාවිච්චි කිරීමටයි. මෙහෙම කියන්නේ එක එක class එකේ default subnet mask එක අනුව භාවිතා කළ හැකි Host ගණන වෙනස්වන නිසායි.











බහුතරයක් අය පාවිච්චි කරන්නේ 192.168.0.0 රේනජ් එකයි. කලාතුරකිනුයි 10.0.0.0 range එක දකින්න තියෙන්නේ,

ගියවර පන්තියේ පස්සේ කියන්නම් කියපු 127.0.0.0 range එක පාවිච්චි කරන්නේ නෙට්වර්ක් card වල internal communication වලටයි. මේකට loopback address කියලත් කියනවා... 127.0.0.1 වලට ping කරලා reply නැත්නම් Network card එකේ අවුලක් කියලා මතක තියාගන්න. 











දැකලා තියෙනවද? windows xp වලදී network interface icon එක උඩ කහපාට ත්‍රිකෝණයක් වැටිලා තියෙනවා ඒ වෙලාවට machine එකේ ip එක 169.254.x.x රේන්ජ් එකට වැටෙනවා.. මෙකට APIPA (Automatic Private IP Addressing) කියලයි කියන්නේ. මෙහෙම වෙන්නේ Network එක තුළ DHCP server (ip address automate system) එකක් නොමැතිවිටයි. 
මේ සියල්ලම හැරුණුකොට 0.0.0.0 සිට 0.255.255.255 දක්වා range එකද භාවිතයට නොගනී.

සංස්කරණය:- ධනුෂ්ක කෞෂල්‍ය
 

5 comments:

  1. නියම ලිපියක් සහෝ..මම මුල ඉදලම ඕබගේ මේ ලිපි පෙල කියවනවා. ගොඩාක් ස්තුතියි මෙවැනි මතෘකාවක් ගැන කතා කිරිම ගැන...

    ReplyDelete
  2. athtatama maaarai........uthsahaya godaaak sarthakai......All da best......

    ReplyDelete
  3. නියමයි.. නෙට්වර්කින් පාඩම දිගටම ලියන්න..

    ReplyDelete
  4. එ වගෙම යාලුවා, Router එකේ තියෙනවා NAT කියලා function එකක්. මෙකෙන් තමයි අපේ private IP Address එක Public IP Address එකට convert කරන්නෙ..

    NAT enable නැත්තං Internet යනවා බොරු..

    ජය වෙවා.. දිගටම කරගෙන යන්න..

    ReplyDelete