Saturday, March 9, 2013

ආදරයේ සිරකරුවා කිසිදාක නිදහස නොලබයි

       හිතට දැනෙන ගීතයක ලස්සන විග්‍රහයක් කරන්නයි අද හදන්නේ.... ලෝකයක් කියලා දෙයක් නොතේරුන තමන්ගේ මුළු ලෝකයම තමන්ගේ ආදරවන්තිය යැයි සිතූ අයෙකුගේ හැගිම් කසුන් කල්හාරගේ මුවගින් නිකුත් වෙනවා... ඇරඹුමම කඳුලක්‌ වෙලා..... මේක හිතන තරම් ලේසි පහසු ගායනයක් නොවෙයි... ප්‍රෙමවන්තයකුගේ අදෝනාවක් කසුන් කල්හාරගේ ගැඹුරු හඩින් ඉතාම සංයමයෙන් ඉදිරිපත් වෙනවා.... මෙම ගීතය කසුන් කල්හාරගේ මව වෙනුවෙන් ගැයුනු ගීතයක් ලෙස බොහෝ comments වල සදහන් වෙනවා... නමුත් එය එසේ නොවේ යැයි කියායි මගේ අදහස‍...... ඉතින් රසවිදිමු අරුත සමගින්

පද රචනය - දිලීප අබේසේකර
සංගීතය     - නාලක අංජන කුමාර

ඇරඹුමම කඳුලක්‌ වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා.....

          ඉස්සර කාලෙදිනම් ආදරසම්බන්ධයක් අවසාන වන්නේ අනිවාර්යයයෙන්ම විවාහයෙන්. ඒත් අද කාලේනම් එහෙම නැ... ඉක්මණටම ජීවිතවලට පිවිසිලා ඉක්මණින්ම ඉවත්ව යනවා..... මේ ගීතයෙන් කිවවෙන ආදරවන්තයාගේ කතාවත් ඒ වගේ එකක්.  ඔහු තමන්ගේ ආදරවන්තියට හද පතුලෙන්ම ආදරය කරන අයෙක්, ඔහු මහා බලාපොරොත්තු කන්දරාවක් පොදිබැදගත් අයෙක් ආ දුරත් දුර වැඩි නිසා යැයි පවසනවා..... නමුත් ඔහු බලාපොරොත්තුවන ආදරයේ කෙළරක් දක්නට පෙර ඇය ඔහුව දමා යනවා...... 

දුක්‌බරව කවියක්‌ ලියා
එහි පද පෙළක්‌ අඩුවෙන් තියා //
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා

           ආදරවන්තිය නික්ම යන්නේ ඔහුගේ ජීවිතයත් සමග ඉතාම දුක්බරවූ කවියක් ලියලයි. නමුත් මෙහි එක් පද පේළියක් අඩුයි. ඒක හරියට ප්‍රෙහේලිකාවක් වගේ  කිසිවක් තේරුම්ගත නොහැකියි..... අවසාන පදය තෝරාගන්න කියා ඇය ඔහුගෙන් ඈත්ව ගිහින්, මේ මහා තේරවිල්ල තේරුම් ගන්න කොහෙත්ම විදිහක් නෑ... අඩුවූ පද පේළිය අහගන්නට ඇයත් ඔහු ලග නෑ.... ආදරවන්තයා ඉතාමත් අසරණයි...

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා//
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා

               අපි ඕනම ප්‍රශ්ණයකට මුහුණ දෙමු යැයි ආදරවන්තිය පවසනවා..... මම මොන ප්‍රශ්ණය ආවත් ඔයා ලග ඉන්නවා කියලා කිව්වත් ආදරවන්තිය එහෙම නෑ. මුවගින් පිටවන වචනවල ගතිගුණ නෑ... කිසියම් වූ ශෝකාන්තයක් එලබීමට පෙර ආදරවන්තිය ඔහුව අවසානයක්‌ නොදකින තැනක දමා පිටව යනවා.

             වර්තමාන ප්‍රේමයේ තත්ත්වය මෙයයි.... සුරංගනා කතා මවාපාමින් ඔහු හෝ ඇය වෙනුවෙන් වෙනනම වූ ලෝකයක් තනා එහි අතරමංකොට පලා යනවා.... එයින් පීඩාවිදින තැනැත්තාට හෝ තැනැත්තියට සිදුවන ඉරණම වන්නේ තේරවිල්ලක් බදුවූ කවියක අඩුවූ පද පේළිය සෙවීමටයි..... ආදරය කරන තැනැත්තාට හෝ තැනැත්තියට සැබවින්ම ආදරය කරන්න මෙය කියවන අයගෙන් මම කරන ඉල්ලීම එයයි......


සැකසුම:- ධනුෂ්ක කෞෂල්‍ය 

No comments:

Post a Comment