Monday, February 4, 2013

නෙට්වර්ක් පන්තිය දාහතරවන දවස (proxy server 2)

           ගියවර පන්තියෙන් පැවසුවේ proxy server එකක් ජාලයට සම්බන්ධ කරන ආකරය සහ එහි භාවිතය පිළිබද සැකෙවිනුයි. එතැන් සිට ඉදිරියට මේ ගැන බලමු.

           බොහෝ දෙනෙක් සිතාගෙන සිටින්නේ proxy server එකක් භාවිතා කරන්නේ web filter වලට පමණක්ය කියායි. මම උනත් මුල් කාලයේ සිතා සිටියේ ඒ විදිහටයි. ඒත් එසේ නොවෙයි. proxy server එකක් අන්තර්ජාල භාවිතය වේගවත් කරනවා... අපි යන සෑම web site එකක්ම cache කරගන්නවා... එක් අයෙක් facebook.com වෙත පිවිසුනොත් දෙවැන්නාට facebook.com ලබාදෙන්නේ පළමු වැන්නාගෙන් ලබාගත් cache වලිනුයි... එසේ හෙයින් මින් පසුව facebook ඉල්ලන ඕනෑම කෙනෙකුට ඉතාම වේගවත් සේවාවක් ලබාදීමට මෙයට හැකිය.

proxy server එකක වාසි

  1. පරිඝණක සියල්ලම නිර්ණාමික ලෙස සගවා තබනවා... භාහිර පුද්ගලයන්ට (ආයතනයෙන් එපිට) hack කිරිමට ඉඩ නොදෙයි. 
  2. අන්තර්ජාල වේගවත් කිරීම (cache මගින්)
  3. එකම අන්තර්ගතය (same content) කිහිපවතාවක් භාගත නොකිරිම (bandwidth save)
  4. විධිමත් වාර්තා සටහන් සැපයීම (log files)
  5. වෛරස් සම්ප්‍රේෂණයට ඉඩ නොදීම
  6. දත්ත හානිවීම අවම කිරිම
  7. අන්තර්ජාල භාවිතයට සීමා පැනවිම user restriction
proxy server උදාහරණ

  1. IIS- Internet information services මෙය microsoft ආයතනය මගින් සැකසූවක්
  2. squid බහුතරයක් ආයතනවල භාවිතාවේ. බොහොම වේගවත් හා reliable මෘදුකාංගයක්
  3. privoxy - මෙහි cache නොමැත.
ccproxy, analogx proxy වශයෙන් විවිධ මෘදුකාංග පවතී නමුත් මේවායේ cache පහසුකම නොමැත. port පමණක් හැසිරවීමේ පහසුකම් පවතී...

browser එක සැකසීම
 
firefox හෝ internet explorer වල connction settings


             192.168.14.100 යනු proxy server එකෙහි ip address එකද 3128 යනු port බද එකද වේ. භාවිතයට ගන්නා server එක අනුව port no එක වෙනස් විය හැකිය. 3128 යනු squid හි default port බද එකයි. නමුත් මෙය වෙනස් කිරීමට හැකියාව පවතී. ඒ වගේම IIS වල 1253 no එක භාවිතා වේ.

සැකසුම:- ධනුෂ්ක කෞෂල්‍ය



8 comments:

  1. ෙගාඩක් ස්තුතියි ෙනට්වරක් පන්තියට. ඔක්ෙකාම ලිපි ටික කිෙයුවා මම ෙනට්වරක් ගැන මෙෙලා් ෙදයක් දන්ෙන් නැ ඔන්න අය්යෙගන් තමයි ඉෙගන ගත්ෙත් ඉස්ෙසල්ලම. ෙගාඩක් ස්තුතියි. දිගටම කරෙගන යන්න

    ReplyDelete
  2. ගොඩක් පින් මචාන්... පුලුවන් හැමවෙලෙම පාඩම යාවත්කාල කරන්න මචාන්.. ගොඩක් පින්.. තව මචාන් පුලුවන්නමි කියන්න කොහොමද printer එකක් නෙට්වර්ක් එකට connect කරගන්නෙ, Ip create කරන්නෙ කොහොමද, තියෙනව නෙටිවර්ක් එකට අලුතින් ගෙනාපු පින්ටරය සෙටි කරන්නෙ කොහොමද කියලා.. ගොඩක් පින් මචාන් මේ කරන හැමදෙටම..

    ReplyDelete
    Replies
    1. ඔක්කෝටම කළින් printer එකPC එකට USB හරි parallel cable එකෙන් හරි set කරලා PC එකට IP address එකක් දාගත යුතුයි. ඊටපස්සේ printer icon properties වල තියෙන printer share wizard මගින් share කරගන්න පුළුවන්. youtube video එකක් දාන්නම්. ඊට පස්සේ වෙන PC එකකින් \\ip address ගහලා username and password දීලා printer එක install කරගන්න පුළුවන්.....

      http://www.youtube.com/watch?v=JuRyQQWz0kA

      Delete
  3. ඔක්කෝටම කළින් printer එකPC එකට USB හරි parallel cable එකෙන් හරි set කරලා PC එකට IP address එකක් දාගත යුතුයි. ඊටපස්සේ printer icon properties වල තියෙන printer share wizard මගින් share කරගන්න පුළුවන්. youtube video එකක් දාන්නම්. ඊට පස්සේ වෙන PC එකකින් \\ip address ගහලා username and password දීලා printer එක install කරගන්න පුළුවන්.....

    http://www.youtube.com/watch?v=JuRyQQWz0kA

    ReplyDelete
  4. sahooo ,

    microsoft ISA
    Microsoft TMG

    kiyanneth proxy servers mada ??

    IIS VS ISA server 2ka athara wenasa mokakda ??

    ReplyDelete
  5. Firewall 1k saha procxy server 1k athara wenasa podak pehedili karala denawada ??

    ReplyDelete
  6. ccproxy වල කෑශ් පහසුකම ඇත.

    ReplyDelete
    Replies
    1. proxy eken karanda puluwan naraka deewal monawada..?

      Delete